27 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැලිගමදී මිය ගිය SI ගේ පවුලේ අයට මුදල් පරිත්‍යාග

වැලිගමදී මිය ගිය SI ගේ පවුලේ අයට මුදල් පරිත්‍යාග

පසුගිය 01 වැනිදා වැලිගම වෙඩි තැබීමේ සිද්ධියේදී මියගිය උපපොලිස් පරීක්ෂක උපුල් චමින්ද කුමාරගේ පවුලේ සාමාජිකයින් වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රුපියල් මිලියන 2.5ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.

ඊට අමතරව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් රුපියල් මිලියන 1.7ක් හා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස් දෙපාර්තමේන්තුවෙන් රුපියල් මිලියන 1.7ක් බැගින් ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පරිත්‍යාග කර තිබෙනවා.

ජනවාරි 01 වැනිදා වැලිගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් අතරතුර වෙඩි වැදී මියගිය උපුල් චමින්ද කුමාර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙකු ලෙස කටයුතු කරනු ලැබීය.

ඔහු උපපොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමට ද පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.