32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsශ්‍රී ලංකාව හා රුසියාව අතර නව ගුවන් සේවයක්

ශ්‍රී ලංකාව හා රුසියාව අතර නව ගුවන් සේවයක්

රුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී ලංකාව අතර 4 වන ගුවන් සේවය ජනවාරි මස 01 වැනිදා සිට ගමන් ආරම්භ කර තිබෙනවා.

‘රොසියා ගුවන් සේවය’ (Rossiya airlines JSC) මෙලෙස නව ගුවන් ගමන් සේවා ආරම්භ කර ඇති අතර මෙම ගුවන් ගමන් සඳහා බෝයිං – 777 වර්ගයේ ගුවන් යානායි යොදවා ඇත්තේ.

ඔවුන් නිශ්චිත කාල සටහනකට අනුව (Schedule Flights) සෑම සතියකටම දින 04ක් මොස්කව් සහ කටුනායක අතර සිය ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරනවා.

මේ සදහා වූ විදේශීය ගුවන් මෙහෙයුම් සහතිකය ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ.ජයකාන්ත විසින් පසුගිය දෙසැම්බර් 29 වනදා රොසියා ගුවන් සේවයේ සැළසුම් සහ මෙහෙයුම් ප්‍රධානී නිකිතා ඩොල්ගොව් වෙත පිරිනමා තිබුණා.

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර මෙතෙක් එරොෆ්ලොට් (Aeroflot), අසූර් එයාර් (Azur Air) සහ රෙඩ් වින්ග්ස් (Red Wings) සිය ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරමින් සිටියා.