29.5 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

සංචිතයේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට පවරා ඇති අතර උප නායකයා වන්නේ චරිත් අසලංකයි. වනිඳු හසරංග, පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, සචින් ආරච්චිගේ එම සංචිතය නියෝජනය කරනවා.

නුවනිඳු ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාගේ, ජනිත් ලියනගේ, දිල්ෂාන් මදුෂංක, අකිල ධනංජය, ප්‍රමෝද් මදුෂාන් සහ ජෙෆ්රි වැන්ඩසේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 6 වැනිදා දිවා රාත්‍රී තරගයක් ලෙසට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.