27.4 C
Colombo
Friday, October 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentඅධිවේගයේ රිය අනතුරකින් මවක් හා දියණිය මරුට

අධිවේගයේ රිය අනතුරකින් මවක් හා දියණිය මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ (03) සිදු වූ රිය අනතුරකින් මවක් හා දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ කොළඹ සිට මත්තල දෙසට ඊයේ (03) රාත්‍රියේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් කුරුදුගහහැතැක්ම ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇති බවයි.

මෙම වෑන්රථය ඊට ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

එහිදී වෑන් රථයේ ගමන් ගත් මව එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්වූ අතර දියණිය කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්බලන්තොට – ලුණම ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක් සහ 31 හැවිරිදි ඇගේ දියණිය බවයි පොලීසිය පවසන්නේ.