එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා අද (04) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී එතුමාගේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේග සන්ධානය හා එක්ව තිබේ.
විපක්ෂ නායකවරයා විසින් ඔහුව නාත්තන්ඩිය මැතිවරණ බල ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා ලෙසද පත් කර තිබෙනවා.
1970 සිට 1977 දක්වා කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම කීර්තිමත් දේශපාලනඥයකු ද, නාත්තන්ඩිය ආසනයේ සංවිධායක වරයාද වූ ප්‍රොටස් තිසේරාගේ පුත්‍රයා වූ ඔහු මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන්, මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් ඇත.
උසස් අධ්‍යාපනයෙන් පසු සිය පියාගේ අඩිපාරේ යමින් 1988 වසරේ පොදුජන පෙරමුණට එක් වූ ඔහු වයඹ පළාත් සභාවට තේරී පත්විය.
ඉන්පසුව 2001 වසරේදී පොදුජන පෙරමුණෙන් තරග කර අසුනක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා.