27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබූස්සේ රැඳවියාගේ ප්‍රහාරයෙන් ඖෂධ සංයෝජක රෝහලට

බූස්සේ රැඳවියාගේ ප්‍රහාරයෙන් ඖෂධ සංයෝජක රෝහලට

බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටි ඉන්දියන් ජාතික සැකකරුවෙකු ඖෂධ සංයෝජක නිලධාරියෙකුට රෝහලේදී පහරදී තිබෙනවා.

ඊයේ රාත්‍රී මෙම සැකකරු බන්ධනාගාර රෝහලේදී ඖෂධ ලබා දුන් ඖෂධ සංයෝජක නිලධාරියාගේ මුහුණට ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක සඳහන් කළේ.

ප්‍රහාරයෙන් ඖෂධ සංයෝජක නිලධාරියා බිම ඇද වැටී ඇති අතර ඇති වූ කම්පනය මත ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තා වනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජේලර්වරයෙකු යොදවා මූලික විමර්ශනයක් සිදු කරමින් පවතිනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.