27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනය වෙරළට යළි අද්භූත වස්තුවක් ගොඩගසයි

යාපනය වෙරළට යළි අද්භූත වස්තුවක් ගොඩගසයි

යාපනය, වඩමාරච්චි, නාගර්කෝවිල් නැගෙනහිර මුහුදු තීරයට ඊයේ (03) සවස හඳුනාගත නොහැකි වස්තුවක් ගොඩගසා තිබෙනවා.

වෙරළට ගොඩ ගැසූ එම භාණ්ඩය ධීවරයින් ඇතුළු ප්‍රදේශවාසීන් දැක ඇති අතර ඒ පිළිබඳව පොලිසියට ද දැනුම් දී තිබෙනවා.

එම වස්තුව Asia 2 ලෙස නම් කර ඇති අතර එය නෞකාවකින් වැටී ගොඩබිමට ගසාගෙන එන්නට ඇති බවයි සැක කෙරෙන්නේ.

පසුගිය දිනවලද උඩුත්තුරෙයි, නාගර්කෝවිල්, වෙම්බඩි වෙරළට විවිධ අද්භූත වස්තූන් ගොඩගැසීම විශේෂත්වයකි.