30.6 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියේ මෙහෙයුමෙන් 1038ක් අත්අඩංගුවට

යුක්තියේ මෙහෙයුමෙන් 1038ක් අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ සිදුකරන ලද යුක්තිය විශේෂ මෙහෙයුමේදී සැකකරුවන් 1038 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඉන් සැකකරුවන් 67 ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවයි. එසේම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 43 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

මෙම මෙහෙයුමේදී හෙරොයින් 417ග්, අයිස් 205ග්, ගංජා 02ක්ග් 886 ග්, ගංජා පැල 24203 ක්, මාවා 02ක්ග් 159ග්, හශීස් 04ක්ග් 91 ග්, මත්පෙති 722ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 84 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.