25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentරිය අනතුරකින් උප පොලිස් පරීක්ෂකවරයෙක් මියයයි

රිය අනතුරකින් උප පොලිස් පරීක්ෂකවරයෙක් මියයයි

කොළඹ – මහනුවර මාර්ගයේ පෑලියගොඩ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ තම යතුරුපැදිය පැදිකරුට පාලනය කර ගත නොහැකිව විදුලි පහන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කොළඹ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අනතුරුවයි ඔහු මියගොස් ඇත්තේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කොල්ලුපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 58 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.