27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශාන්ගේ පුරප්පාඩුවට සජින් පත්වෙයි

ශාන්ගේ පුරප්පාඩුවට සජින් පත්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසනයේ හිටපු සංවිධායක ශාන් විජයලාල් ද සිල්වා ඉවත්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ (03) ගාල්ල දිස්ත්‍රික්කයේ නිදහස් පක්ෂ සියලු ආසන සංවිධායකවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

ඊයේ පක්ෂ මූලස්ථානයට රැස්වුණු සියලු දිස්ත්‍රික් ක්‍රියාකාරීන් තම සහාය තවදුරටත් නිදහස් පක්ෂයටම ලබා දෙන බව ප්‍රකාශ කර තිබුණා.

ඔවුන් ඒ්කමතිකව ප්‍රකාශ කර ඇත්තේ අම්බලන්ගොඩ ආසනයට වඩාත් සුදුසු 2010 මැතිවරණයේදී 60000කට වඩා මනාප ලබාගෙන පාර්ලිමේන්තුවට පැමිණි සජින් ද වාස් ගුණවර්ධන බවයි.

ඒ අනුවයි ඔහු අම්බලන්ගොඩ ආසනයේ සංවිධායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන පත් කර ඇත්තේ.