― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅන්තවාදී දේශකයාගේ තවත් අනුගාමිකයෙක් රෝහලේ

අන්තවාදී දේශකයාගේ තවත් අනුගාමිකයෙක් රෝහලේ

සියදිවි හානි කරගත් බව කියන ආගමික අන්තවාදී දේශන පැවැත් වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ දේශනවලට සහභාගී වූ පුද්ගලයෙක් වස පානය කර බරපතළ තත්ත්වයෙන් රෝහල් ගතකර ඇති බව සිරිපුර පොලිසිය පවසනවා.

මෙලෙස වස පානයකර ඇත්තේ දිඹුලාගල, සිරිපුර, පළුදෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටින 26 හැවිරිදි එක්දරු පියෙක් බවයි වාර්තා වන්නේ.

ඔහු දැනට දෙහිඅත්තකන්ඩිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා. මොහු සියදිවි හානිකරගත් බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ අවමංගල උත්සවයට සහභාගී වී පැමිණ පසුගිය 03 වනදා මෙලෙස වස පානය කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා ඔහුගේ බිරිඳ සහ නුවරගල ප්‍රදේශයේ තවත් පුදගලයින් පස්දෙනෙක්, රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙලෙස අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ මෙම පිරිස අතර සිටින කාන්තාවක් ප්‍රදේශයේ ආගමික අන්තවාදය පතුරුවමින් දේශන කිහිපයක් පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද සිරිපුර පොලිසිය සඳහන් කළා.

මේ අතර සියදිවි නසාගත් බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න යන අය දෙහිඅත්තකණ්ඩිය පොලිස් කොස්තාපල්වරයෙකුට අයත් නිවසක වසර හයක පමණ කාලයක් කුලී පදමන මත රැඳී සිටි ඇති බව ද පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා.

රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තා පසුගිය දෙසැම්බර් 28 හෝමාගම, මාකුඹුර ප්‍රදේශයේ දී උග්‍ර විෂ වර්ගයක් භාවිත කර සියදිවි හානි කරගෙන තිබූ අතර, ඊට දින දෙකකට පසු ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා ද එලෙසම සියදිවි හානි කරගෙන තිබුණා.

ආගමික අන්තවාදී දේශන පැවැත් වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ දේශනවලට සහභාගී වූ කිහිප දෙනෙක් පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයක සිටින බවට මේවන විට තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.