30 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝටි එකහමාරක මත්ද්‍රව්‍ය තොගයක් රේගුවේදී අල්ලයි

කෝටි එකහමාරක මත්ද්‍රව්‍ය තොගයක් රේගුවේදී අල්ලයි

රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් පමණ වෙළෙඳපොළ වටිනාකමක් සහිත මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගුවන් තැපැල් ඔස්සේ ලැබී තිබියදී ඊයේ (04) සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ පවසනවා.

පාර්සල් 11ක් තුළ තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි රේගු අධ්‍යක්ෂවරයා සඳහන් කළේ. මෙම පාර්සල් එංගලන්තය සහ ජර්මනිය යන රටවලින් කොළඹ, නුගේගොඩ, පානදුර, අනුරාධපුරය සහ මහනුවර යන ප්‍රදේශවල පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබූ බවයි වාර්තා වන්නේ.

එක්ස්ටැසී හෙවත් මෙතැම්පටමයින් පෙති 1,055ක්, කුෂ් නැමැති ගංජා ග්‍රෑම් 318ක් සහ ගංජා ඇට 15ක් මෙම පාර්සල් තුළ තිබී සොයාගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාරදීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර පසුගිය 2023 වසරේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් රුපියල් බිලියන දෙකහමාරක් වටිනා මත්ද්‍රව්‍ය වැටලීම් 81ක් සිදුකර තිබෙනවා.