― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කෙරේ

ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කෙරේ

ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙක් උණ රෝගය හේතුවෙන් මියගිය බව තහවුරු වීම නිසා සෞඛ්‍ය නිර්දේශ අනුව එම බන්ධනාගාරයේ කටයුතු සීමා කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (මෙහහෙයුම් හා බුද්ධි) ගාමිණී බී. දිසානායක පැවසුවේ.

ඒ අනුව ගාල්ල බන්ධනාගාරයට නියම කරන නවක රැඳවියන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝග මත තීරණය කර තිබෙනවා.