27.8 C
Colombo
Tuesday, September 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගොඩනැගිලි අමුද්‍රව්‍ය මිල ඉහළට

ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිල ඉහළට

ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව ගොඩනැගිලි ඉදිකිරීම්කරුවන් පවසනවා.

වැට් බදු ඉහළ දැමීම සහ ඉන්ධන මිළ ඉහළ යාම හේතුවෙනුයි ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇත්තේ.

මේ හේතුවෙන් වැලි, සිමෙන්ති, යකඩ, වයර් සහ විදුලි උපකරණ ඇතුළු සියලු ද්‍රව්‍ය මිල ඉහළ ගොස් ඇති බවයි ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්. ඩී පෝල් පැවසුවේ.

ඒ අනුව වැලි කියුබ් එකක් රුපියල් 1500 කින් සහ සිමෙන්ති කොට්ටයක් රුපියල් 300 කින් පමණ ඉහළ ගොස් ඇති අතර විදුලි බුබුලු ඇතුළු ඇතැම් විදුලි උපකරණ අලුතින් වැට් බද්දට අයත් වීම නිසා විශාල ප්‍රමාණයකින් මිල ඉහළ ගොස් තිබෙනවා.