27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමං ජනපති සටනට එන්නේ නැහැ - මහින්ද

මං ජනපති සටනට එන්නේ නැහැ – මහින්ද

තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නියමිත වේලාවට ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (04) පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එම ධූරයට තරග කිරීමට තමා ඉදිරිපත් නොවන බව ද ඊට ඉදිරිපත් කිරීමට තම පක්ෂයේ අපේක්ෂකයන් කිහිප දෙනෙකු ම සිටින බවත් හිටපු ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ඉදිරි සියලුම මැතිවරණ සඳහා තම පක්ෂය සූදානම් බවත් පාර්ලිමේන්තුව විසිරුවා පාර්ලිමේන්තු මැතිවරණයකට යනවා නම් තම පක්ෂය ඊටද සූදානම් බවත්ය.