27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිල අඩු නිවාඩු ගමනාන්ත ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්

මිල අඩු නිවාඩු ගමනාන්ත ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්

නිවාඩුවක් ගත කිරීම සඳහා ලොව පුරා සංචාරකයන්ට දරා ගත හැකි වියදම් ඇති ගමනාන්ත 13ක් අතරට ශ්‍රී ලංකාවද නම් කර තිබෙනවා.

ෆොක්ස් නිවුස් විසින් සම්පාදනය කරන ලද මිල අඩු නිවාඩු ගමනාන්ත ලැයිස්තුව මගින් ශ්‍රී ලංකාව නම් කර ඇත්තේ දර්ශනීය ස්ථාන භුක්ති විඳීමට හොඳ ගමනාන්තයක් ලෙසටයි.

අලි ඇතුන් මෙන් ස්වදේශික වන සතුන්ට සමීප වීමට ඉඩ සැලසෙන අතර මුහුදු වෙරළට ගොස් හිරු බැස යෑම දැක බලා ගැනීමට ද අවස්ථාව ඇති බව එමගින් විස්තර කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නවාතැන් සඳහා ඩොලර් 20 සිට ඩොලර් 40 දක්වා මුදලක් වැය වන අතර සාමාන්‍ය ආහාර වේලක් ඩොලර් 5ක පමණ මිලකට ලබාගත හැකි බවයි එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඉන්දියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව, ග්‍රීසිය සහ ඊජිප්තුව සමඟ ශ්‍රී ලංකාව මෙලෙස මිල අඩු නිවාඩු ගමනාන්තයක් ලෙස නම් කර තිබෙනවා.