යාපනය මුහුදේ මසුන් ඇල්ලීම සඳහා ගිය ධීවරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මොහු ඊයේ (04) මෙලෙස මුහුදේදී ක්ලාන්ත වී මරණයට පත්ව ඇති බවයි යාපනය රෝහල් පොලීසිය පවසන්නේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය ගුරුනගර් ප්රදේශයේ පදිංචිකරුවකු වන අමලසුරි අන්රයන්යුත් නැමති 42 හැවිරිදි පස් දරු පියෙකු බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා ඇතුළු තිදෙනකු මසුන් ඇල්ලීම සඳහා ඊයේ මුහුදු ඇති අතර එහිදී ඔහු හදිසියේ ක්ලාන්ත වී තිබෙනවා.
වහාම ක්රියාත්මක වූ අනෙක් පිරිස ඔහු රෝහල්ගත කළද අවාසනාවන්ත ලෙස ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.