31.1 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentරිය අනතුරකින් 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගයේ කට්ටුව ප්‍රදේශයේදී ඊයේ (04) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 13ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හලාවත දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් එම දිශාවටම ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිය පැද වූ කාන්තාව සහ එහි පසුපස ගමන්ගත් දැරිය බරපතළ තත්ත්වයෙන් මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය දැරිය දංකොටුව, කටුකෙන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මීගමුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.