28.9 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොව විශාලතම සංචාරක නෞකාව මංගල ගමනට සැරසෙයි

ලොව විශාලතම සංචාරක නෞකාව මංගල ගමනට සැරසෙයි

ලොව විශාලතම සංචාරක නෞකාව ලෙසින් සැලකෙන ‘අයිකන් ඔෆ් ද සීස්’ එහි පළමු සංචාරකයන් පිරිස පිළිගැනීමට සූදානම් බව වාර්තා වනවා.

අඩි 1,198ක් දිග, ටොන් 250,800ක් බර ‘අයිකන් ඔෆ් ද සීස්’ සුඛෝපභෝගී මගී නෞකාව එහි අත්හදා බැලීමේ ගමනේ කොටසක් ලෙස පුවර්ටෝ රිකෝහි පෝන්ස් වරායේ නැංගුරම් ලා තිබෙනවා.

තට්ටු 20කින් සමන්විත මෙම නෞකාව මංගල ගමනේදීම අවාසනාවන්ත ලෙස අනතුරකට මුහුණ පෑ ටයිටැනික් නෞකාවට වඩා පස් ගුණයකින් විශාලයි.

රෝයල් කැරිබියන් කෲස් ලයින් සමාගම විසින් ඩොලර් බිලියන 2ක් වැයකර ඉදිකළ මෙම නෞකාව, පිහිනුම් තටාක හයක් සහ ලොව ඕනෑම සංචාරක නෞකාවක ස්ථාපිත විශාලතම මුහුදු ජල උද්‍යානයෙන් සමන්විතයි.

එහි මංගල ගමන ජනවාරි 27 වැනිදා ෆ්ලොරිඩාවේ මියාමි වෙතින් කැරිබියන් දූපත් වටා රාත්‍රී හතක සංචාරයක් සඳහා පිටත් වීමට නියමිතව තිබෙනවා.