27.8 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා විමර්ශන

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා විමර්ශන

වැඩි මිලට සහල් විකුණන ස්ථාන සොයා මෙම වසරේදීත් පුළුල් වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් 2278/02 දරණ ගැසට් නිවේදනයට පරිභාහිරව යමින් සහල් අලෙවි කරනු ලබන පුද්ගලයින් සහ ස්ථාන සොයා දිවයින පුරා වැටලීම් සිදුකරන බවයි එම අධිකාරිය සඳහන් කළේ.

රජයේ නිවාඩු දිනවලදී මෙන්ම සති අන්තයේ දිනවල ද මෙම වැටලීම් සිදුකරන බව සඳහන් කළ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සහල් වැඩි මිලට අලෙවි කරන පුද්ගලයින් සහ ස්ථාන සම්බන්ධයෙන් 1977 දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

රජය විසින් කිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව සහල් කිලෝග්‍රෑමයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල ගණන් වන්නේ, කීරි සම්බා රුපියල් 260ක්, සම්බා රුපියල් 230ක්, නාඩු රුපියල් 220ක්, රතු කැකුළු රුපියල් 210ක් ලෙසටයි.

මේ අතර පසුගිය වර්ෂයේ දී දිවයින පුරා සිදුකළ වැටලීම් 24000කින් 22000කට නඩු පවරා රුපියල් මිලියන 270කට අධික දඩ මුදලක් අධිකරණය විසින් පනවා ඇති බව අද (05) පැවති මාධ්‍ය හමුවක දී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක සංජය ඉරසිංහ සඳහන් කළා.