පසුගිය ඔක්තෝම්බර් මාසයේදී 18% කින් ඉහළ දැමුණු විදුලි ගාස්තුවෙන් 50%ක් පමණ හැකි ඉක්මනින් අඩු කරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ පවසනවා.
විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාව මේ මස 15 වැනිදාට පෙර මහජන උපයෝගීතා කොමිසමට යොමු කරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
එමෙන්ම ඔහු අවධාරණය කළේ පසුගිය මාස තුන තුළ අඛණ්ඩව වර්ෂාව ලැබුණු අතර ජල විදුලිය ජනනය කිරීමෙන් ලැබුණු ලාභය ජනතාවට ලැබිය යුතුය යන තීරණයේ ලංකා විදුලිබල මණ්ඩලය සිටින බවයි.