― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඅලුතින් බාර් අරිද්දී කෝටියක තැම්පත් ගාස්තුවක්

අලුතින් බාර් අරිද්දී කෝටියක තැම්පත් ගාස්තුවක්

ඉදිරියේදී මත්පැන් සලක් ආරම්භ කරන විට මූලික ගාස්තු ලෙස රුපියල් කෝටියක මුදලක් තැම්පත් කිරීමට සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මත්පැන්හලක් ආරම්භ කරන විට මෙතෙක් එවැනි මූලික ගාස්තුවක් අය නොකරනු ලැබූ බවත් මේ වනවිට සුරාබදු බලපත්‍ර නීත්‍යානුකූල ආකාරයට ලබාදීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම සංචාරක කර්මාන්තය සමඟ බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.