29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකුලී රථ රියදුරු තුන්සක රියේදී රංගන ශිල්පිනියට අතවර කරලා

කුලී රථ රියදුරු තුන්සක රියේදී රංගන ශිල්පිනියට අතවර කරලා

23 හැවිරිදි ජනප්‍රිය රංගන ශිල්පිනියකට පිළියන්දල, ජාලියගොඩ ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථ රියැදුරෙකු ලිංගික අතවරයක් සිදුකොට පලා ගොස් තිබෙනවා.

අදාළ රංගන ශිල්පිනිය පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ සිට නුගේගොඩ දක්වා කුලී ගමනක් යාමට කුලී ගමන් පහසුකම් සපයන සමාගමක ත්‍රිරෝද රථයක් ඇණවුම් කර ඇති අතර ඇය එහි ගමන් කරමින් සිටියදී එකවරම ජාලියගොඩ ප්‍රදේශයේදී මාර්ගය අසළ ත්‍රීරෝද රථය නවතා කාර්මික දෝෂයක් පරීක්ෂා කරන මුවාවෙන් ත්‍රිරෝද රථයෙන් බැස පිටුපස අසුනේ සිටි රංගන ශිල්පිනිය අසලට විත් ඇයට බලහත්කාරකම් කර ඇති බව ඇය පොලීසිය හමුවේ පැමිණිල්ලක් දමා තිබෙනවා.

එම අවස්ථාවේ රංගන ශිල්පිනිය ත්‍රිරෝද රථ රියදුරු තල්ලුකොට රථයෙන් එළියට පැන කෑගසා, ප්‍රදේශවාසීන්ට පවසනවාත් සමඟ රියදුරු රංගන ශිල්පිනිය මහමග අතහැර දමා පලා ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

අනතුරුව ත්‍රිරෝද රථය කොළඹ – හොරණ මාර්ගය ඔස්සේ බොරලැස්ගමුව දෙසට පලාගොස් තිබෙනවා..

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබනවා.