21.1 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාල්ලේ නඩු කටයුතු Zoom තාක්ෂණයෙන්

ගාල්ලේ නඩු කටයුතු Zoom තාක්ෂණයෙන්

ගාල්ල බන්ධනාගාරයේ නඩු කටයුතු අද (08) සිට සූම් තාක්ෂණය ඔස්සේ සිදු කරන බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක පවසනවා.

මොළේ උණ රෝග තත්ත්වය හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාමත් සමඟයි ආරක්ෂිත උපක්‍රමයක් ලෙස මෙම තීරණය ගෙන ඇත්තේ.

එමෙන්ම සියලු නවක රැඳවියන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත යොමු කරන බවත් මොළේ උණ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තවත් රැඳවියන් 08 දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු පසුගිය 03 වැනිදා මොළේ උණ රෝග තත්ත්වය හේතුවෙන් මියගිය අතර ඒ හේතුවෙන් බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවා.