28 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඩෙංගු මඩින්න වොල්බැකියා මදුරුවන් මුදාහැරීමට පියවර

ඩෙංගු මඩින්න වොල්බැකියා මදුරුවන් මුදාහැරීමට පියවර

ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වන කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක මදුරු මර්දනය සඳහා වොල්බැකියා වෛරසය ආසදිත මදුරුවන් මුදාහැරීමට පියවර ගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මෙම වැඩපිළිවෙළ පර්යේෂණ මට්ටමින් ක්‍රියාත්මක කරන බවයි එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

පවතින අධි වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන ඊයේ (07) දිනයේ සිට දිවයින පුරා ඩෙංගු මර්ධන සතියක් ආරම්භ වුණා.

මේ අතර ඩෙංගු මර්ධනය සඳහා මහ ජනතාවගෙන් ලැබෙන සහාය ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා. සෞඛ්‍ය අංශ පවසන්නේ දිවයින පුරා හදුනාගෙන ඇති ඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 71ක් හඳුනාගෙන ඇති බවයි.

ඩෙංගු වර්ධනය වන ස්ථාන පිළිබඳ ජනතාව සැලකිලිමත් නොවන්නේ නම් සෞඛ්‍ය අංශ මඟින් එම ස්ථාන පිරිසිදු කර, ඊට වැයවන මුදල් සේවා ස්ථානය හෝ නිවාස හිමිකරුවන්ගෙන් අයකර ගන්නා බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටියා.