30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentනිවසටම පැමිණි මාරයා මල් කැකුළක් බිලි ගනී

නිවසටම පැමිණි මාරයා මල් කැකුළක් බිලි ගනී

පැලවත්ත – නෙළුව මාර්ගයේ 09 කණුව ප්‍රදේශයේ දී ඊයේ (07) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තේ දළු ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි නිවසකට කඩාවැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙහිදී නිවස ඉදිරිපිට පුටුවක වාඩි වී සිටි කුඩා දරුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර ලොරි රථයේ රියදුරු සහ සහායකයා තුවාල ලබා තිබෙනවා.

මෙලෙස මියගිය දරුවා යට්ටපාන, 09 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි 06 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවයි වාර්තා වුණේ.

අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ සහායකයා මීගහතැන්න රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තිනියාවල පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.