― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපාරිභෝගිකයන්ට නව මිල සූත්‍රයකින් විදුලිය දෙන්න

පාරිභෝගිකයන්ට නව මිල සූත්‍රයකින් විදුලිය දෙන්න

රට තුළ කාර්යක්ෂම විදුලි ජනන ප්‍රතිපත්තියක් නොමැති වී හේතුවෙන් විදුලිය උත්පාදනය කිරීමේ හා කාර්යක්ෂමව සේවාවක් සැපයීමේ දී ගැටලු රාශියක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ විදුලි ගාස්තු අඩු කිරීමේ නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා අද (08) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පුනර්ජනනීය බලශක්ති හරහා විදුලි ඒකකයක මිල අඩුවට ලබාදිය හැකි මොහොතක එය කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙළක් රට තුළ නොමැති වීම විශාල ගැටලුවක් බැවින් සියලුම විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිය වෙනුවෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ බවයි විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළේ.

මේ තුළින් විදුලි බිල පහළ දමන ලෙසත් ඒ උදෙසා මහජන උපයෝගීතා කොමිසම වැඩකටයුතු සිදු කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙසේ ලැබූ ලාභය ජනතාවට ලබාදිය යුතු බවත්, ඊට අමතරව දුප්පත් විදුලි පාරිභෝගිකයන්ට නව මිල සූත්‍රයක් හරහා විදුලි ලබාදෙන ලෙස ද ඉල්ලා සිටි බවයි.

රටේ සමස්ත විදුලි පාරිභෝගිකයන් සම්බන්ධ නිවැරදි දත්ත විදුලි බල මණ්ඩලය හෝ විදුලි බල අමාත්‍යාංශය සතුව නොමැති බවත් එම ආයතන දෙක සතුව ඇති දත්තයන්ගේ පරස්පරතා දක්නට ලැබෙන බවත් එවැනි පරස්පරතා තිබිය දී විෂය භාර අමාත්‍යවරයා විවිධ අනපනත් ඉදිරිපත් කිරීම පුදුම සහගත බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

හිට්ලර් කෙනෙකු නොවී මහත්මා ගාන්ධි කෙනෙකු වන ලෙස විෂය භාර අමාත්‍යවරයාට තමන් දැනුම් දෙන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.