26.7 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලීසිය නැතිව ලීසිං වාහන බලහත්කාරයෙන් ගෙනියන්න බෑ

පොලීසිය නැතිව ලීසිං වාහන බලහත්කාරයෙන් ගෙනියන්න බෑ

පොලිස් නිලධාරීන් නොමැතිව ලීසිං වාහන බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට මින් ඉදිරියට අවස්ථාව නොලැබෙන බව පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ එම චක්‍රලේඛය දින 4 කින් සෑම පොලිස් ස්ථානයකටම යොමුකරන බවයි.

ලීසිං වාහන අත්පත් කර ගැනිමේදී සිදුවන ක්‍රියාවලියේදී මතුවන ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලා ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පොලිස් මූලස්ථානය ඉදිරිපිටට රැස්ව අද නිහඬ විරෝධතාවක නිරත විය.

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු නොමැතිව ලීසිං වාහන අත්පත් කර ගැනීමට අවස්ථාවක් නොදෙන බවට එහිදී පොරොන්දු වූ බවයි ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක පොතුපිටිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.