26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහල් නිවාසවල 50% කට හිමිකම් ඔප්පු

මහල් නිවාසවල 50% කට හිමිකම් ඔප්පු

නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාසවල පදිංචි වූවන්ගෙන් 50%කට මේ වසර අවසන් වීමට පෙර හිමිකම් ඔප්පු පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් පැවසුවේ ඒ අනුව මෙම වසර අවසානයට පෙර තම අධිකාරිය සතුව ඇති මහල් නිවාසවල පදිංචි වූවන්ගෙන් 50%ක පිරිසකට හිමිකම් ඔප්පු ලබාදෙන බවයි.

නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාසවල මේ වනවිට පුද්ගලයන් 14,542 දෙනෙකු පදිංචිව සිටින අතර ඒ අනුව පළමු අදියර යටතේ ඉන් සියයට 50ක පිරිසකට හිමිකම් ඔප්පු ලබාදීමට නියමිතය.