28 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමෝදිට අවමන් කළ ඇමතිවරුන් තිදෙනෙකුගේ වැඩ තහනම්

මෝදිට අවමන් කළ ඇමතිවරුන් තිදෙනෙකුගේ වැඩ තහනම්

සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දියාවට සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අවමන් වන ආකාරයට අදහස් පළ කළ මාලදිවයින රජයේ අමාත්‍යවරුන් තිදෙනෙකුගේ සේවය අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.

එක් අමාත්‍යවරයෙක් සහ අමාත්‍යවරියන් දෙදෙනෙක් මේ අතර වනවා.

මොවුන් තිදෙනා ඉන්දියාවට සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ලක්ෂද්වීප දුපත් සංචාරය සම්බන්ධයෙන් මෙලෙස අවමන් වන ආකාරයට අදහස් දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

“අසල්වැසි ඉන්දියාවට අපහාස වන ආකාරයේ සමාජ මාධ්‍යවල පළවන ඇතැම් පළ කිරීම් සම්බන්ධයෙන් මාලදිවයින් රජයේ ස්ථාවරය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය අද ප්‍රකාශයක් නිකුත් කළා” යනුවෙන් මාලදිවයින් රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

“රජයේ තනතුරු දරමින් සමාජ මාධ්‍ය ජාලාවල මෙවැනි පළකිරීම් කළ අයගේ සේවය දැන් අත්හිටුවා තිබෙනවා.” යනුවෙන් එම නිවේදනයේ සඳහන්.

මෙම අමාත්‍යවරුන් මෙලෙස අදහස් පළකිරීමත් සමඟ මාලදිවයිනට පැමිණීමට සිටි ඉන්දීය සංචාරකයන් බොහෝ පිරිසක් එම සංචාරයන් අවලංගු කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මෙම ප්‍රකාශය ‘බියජනක’ ලෙස විස්තර කළ අතර, මෙවැනි ප්‍රකාශවලින් ඈත්වන ලෙස ජනාධිපති මොහොමඩ් මුයිසුගේ රජයෙන් ඔහු ඉල්ලා සිටියා.