24.5 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් 'කුඩු ශෝටා' අත්අඩංගුවට

යුක්තියෙන් ‘කුඩු ශෝටා’ අත්අඩංගුවට

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට මත්ද්‍රව්‍ය අලෙවි කළ ප්‍රේමසිරි නොහොත් ‘ෂෝටා’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු යුක්තිය මෙහෙයුමෙන් කළ වැටලීමකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රත්මලාන සහ අඟුලාන ප්‍රදේශයේ මෙම පුද්ගලයා වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය අලෙවිකර ඇති අතර එම ප්‍රදේශය මගහැර හොරණ ජන ශූන්‍ය ප්‍රදේශයක දේවාලයක කපුවෙකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවටයි පොලීසිය හෙළිකරගෙන තිබෙන්නේ.

මොහු දේවාරූඪ බලයෙන් සාස්තර කියන බවට ප්‍රචාරය කරමින් මෙම ස්ථානයේ සිට මත්ද්‍රව්‍ය බෙදාහැර තිබේ. මෙම දේවාලය අවුරුදු 10ක පමණ කාලයක සිට පවත්වාගෙන ගොස් ඇති බවයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.