25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් සැකකරුවන් 28,520ක් කොටු

යුක්තියෙන් සැකකරුවන් 28,520ක් කොටු

2023.12.17 දින සිට 2024.01.06 වන දින දක්වා කාලය තුළ සිදුකරන ලද ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේදී සැකකරුවන් 28,520 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් 1.434ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මෙහිදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 1,603 දෙනෙක් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 2,303 දෙනෙක්ද මෙලෙස අත්අඩංගුවට ගැනුණු පිරිසේ සිටිනවා.

මේ අතර මෙම කාලය තුළ සිදුකළ මෙහෙයුමේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 70ක ප්‍රමාණයක් සහ අයිස් කිලෝ 200යි ග්‍රෑම් 100ක ප්‍රමාණයක් ද සොයාගැනීමට හැකිව තිබෙනවා.

කොකේන් ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 400ක්, ගංජා කිලෝ 340යි ග්‍රෑම් 500ක්, හෂිස් කිලෝ 05යි ග්‍රෑම් 200ක්, මාවා කිලෝග්‍රෑම් 129ක්, තුල් කිලෝග්‍රෑම් 06ක්, ඈෂ් කිලෝ 35යි ග්‍රෑම් 900ක්, කුෂ් කිලෝ 01යි ග්‍රෑම් 800ක් ද පොලිස් භාරයට ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

ඊට අමතරව ගංජා පැල 1,223,979ක්, ගංජා සුරුට්ටු 05ක්, මත්පෙති 79,147ක් සහ මදන මෝදක ගුලි කිලෝ 11යි ග්‍රෑම් 300ක් ද සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.