28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරට ගොඩනැගීමේ අභියෝගය බාරගන්න සූදානම් - නාමල්

රට ගොඩනැගීමේ අභියෝගය බාරගන්න සූදානම් – නාමල්

තරුණයෙක්ට දේශපාලන වශයෙන් ශක්තිමත් වීමට හොඳම අවස්ථාව මෙය යැයි තමන් විශ්වාස කරන බවත් පක්‍ෂය සහ රට ගොඩනැගීමේ අභියෝගය ඕනෑම අවස්ථාවක භාරගැනීමට සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (08) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට භාරගන්නා විට 2020 රට ණය බරින් නිදහස් කරනවා කිව්වට නැවත වතාවක් බලයට ඇවිත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරමින් සිටින බවයි.

සෑම දේශපාලඥයෙක්ටම සුරංගනා කථා මවා කියන්න පුළුවන් බවත් පොදුජන පෙරමුණෙන් ගැලවෙච්ච අය වෙනත් දේශපාලන පක්‍ෂ ලෙස සන්ධාගතව සිටි අය බවත් ඔහු එහිදී අවධාරණය කළේය.