27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරුපියල් ලක්ෂ 1,060ක මුදල් හා දේපළ පොලිස් භාරයට

රුපියල් ලක්ෂ 1,060ක මුදල් හා දේපළ පොලිස් භාරයට

‘යුක්තිය’ මෙහෙයුමට සමගාමීව සිදුකරන මෙහෙයුම්වල දී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුගේ දේපළ සිය භාරයට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.

ඒ අනුව කුඩු රොෂාන්, කවිදු මදුරංග සහ හෙට්ටිආරච්චිගේ ශ්‍රියානී නැමති පුද්ගලයින්ට අයත්ව තිබූ වාහන සහ දේපළ රැසක් නීතිවිරෝධී වත්කම් හෝ දේපළ විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන තිබෙනවා.

ටොයෝටා ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථයක්, ටොයෝටා KDH වර්ගයේ වෑන් රථයක්, ටොයෝටා CHR වර්ගයේ කාර් රථයක්, ටොයෝටා ඇක්වා වර්ගයේ කාර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඊට අමතරව තලගල ප්‍රදේශයේ පිහිටි පර්චස් 7.5ක ඉඩමක්, මාලඹේ ප්‍රදේශයේ පිහිටි පර්චස් 05ක ඉඩමක්, ජාඇල, කොටුගොඩ ප්‍රදේශයේ පිහිටි පර්චස් 12.5 ක ඉඩම සහ දෙමහල් නිවසක් සහ නිවන්දන දකුණ, ජා ඇල ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ද සිය භාරයට ගත් බව පොලිසිය පැවසුවා.

මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති වාහන සහ දේපළවල වෙළෙඳපොළ වටිනාකම ලක්ෂ 1060ක් පමණ වනවා.