2024 වසරේදී තනි සංචාරයන් සඳහා ලොව වඩාත්ම ජනප්රිය සංචාරක ගමනාන්ත අතර ශ්රී ලංකාව සිව්වැනි ස්ථානය හිමි කරගෙන තිබෙනවා.
ෆෝබ්ස් සඟරාව නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ දුෂ්කර වසර ගණනාවකින් පසු ශ්රී ලංකාව මේ වනවිට සංචාරක ක්ෂේත්රයේ ඉදිරියට පැමිණෙමින් සිටින බවයි.
එම ලැයිස්තුවේ පළවැනි, දෙවැනි හා තුන්වන ස්ථානවල පසුවන්නේ ජපානය, ආජන්ටිනාව සහ ඊජිප්තුව යන රටවලුයි.