― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsවිකෘති ආගමික ඇදහිලි ගැන සෙවීමට කමිටුවක්

විකෘති ආගමික ඇදහිලි ගැන සෙවීමට කමිටුවක්

සමාජය විකෘති කිරීමට පොළඹවන පුද්ගලයන් විසින් මෙහෙයවනු ලබන ආගමික ඇදහිලි පිළිබඳව සොයා බැලීමට කැබිනට් කමිටුවක් පත්කර තිබෙනවා.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසුවේ ආගමික ඉගැන්වීම් විකෘති කරමින් සමාජ ආතතිය ඇති කරමින් සිදු කරන ක්‍රියාවන් වැළැක්වීමට හා තුරන් කිරීමට රජය නව නීති සම්පාදනය කරන බවයි.

එමෙන්ම රටේ නීතිමය රාමුව තුළ සෑම කෙනකුටම තම ආගම ඇදහීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු කඩනමින් සිදු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.