26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථිකය ගැන සතුටුයි - ජූලි චන්ග්

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථිකය ගැන සතුටුයි – ජූලි චන්ග්

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, සාමකාමී බව සහ එදිනෙදා ජන ජීවිතය පිළිබඳව අතිශයින් සතුටු වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් පවසා තිබෙනවා.

අද (08) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී ඇය අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සමග පැවති හමුවකදීයි මේ බව සඳහන් කර ඇත්තේ.

එහිදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත, ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාල පනත් පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා සහ තානාපතිනිය අතර අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.