30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෝමාගම අවට ජනතාවට හදිසි දැනුම්දීමක්

හෝමාගම අවට ජනතාවට හදිසි දැනුම්දීමක්

හෝමාගම – කටුවාන කර්මාන්තපුරයේ පිහිටි මීට මාස කිහිපයකට පෙර අවස්ථා දෙකක දී ගිනිගත් ක්ලෝරීන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකින් ඊයේ (07) රාත්‍රියේ සිට අධික දුමාරයක් පැතිරෙමින් ඇති බව වාර්තා වුණා.

මේ හේතුවෙන් ප්‍රදේශය පුරා අධික ක්ලෝරින් දුඟදක් සහිත දුමාරයක් පැතිර යන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කර්මාන්ත පුරයේ ඇති කර්මාන්ත ශාලාවල සේවකයින්ට මේ පිළිබඳ දැනුවත් කර ඇති අතර සියලුදෙනාට මුඛ ආවරණ පැළඳ සේවයේ නිරත වන ලෙස දැනුම් දී තිබෙනවා.

මේ අතර යම් අයෙකුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් පවතින්නේ නම් වහාම රෝහල්ගත වෙන ලෙස ද දැනුම් දෙනවා.

එමෙන්ම අද (08) අලුයම සිට කර්මාන්ත පුරයට කිසිවෙකුට ඇතුළු වීමට ආරක්ෂක අංශ අවසර ලබා නොදෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම තත්ත්වයත් සමඟ කෝට්ටේ නගර සභාවට අයත් ගිනි නිවන රථයක් සහ ජල බවුසරයක්ද කර්මාන්තශාලාව පිහිටි ස්ථානය කැඳවා තිබෙනවා.