29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුරකථනයක් ගන්න ඉන්න අයට දැනුම්දීමක්

දුරකථනයක් ගන්න ඉන්න අයට දැනුම්දීමක්

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනුමත කරන ලද ජංගම දුරකථන පමණක් පාරිභෝගිකයන් මිලදී ගත යුතු බව (TRCSL) එම ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

තමන් මිලදී ගැනීමට බලාපොරොත්තු වන දුරකථනයට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ඇති බව තහවුරු කර ගැනීමට එමි (IMEI) අංකය පරීක්ෂා කරන ලෙස එම ආයතනය සදහන් කරනවා.

ජංගම දුරකථන කවරයේ එමි අංකය සදහන් කර ඇති අතර IMEI (හිස්තැනක්) ඉලක්කම් 15 අංකය 1909 වෙත යැවීමෙන් IMEI අංකයේ වලංගුභාවය පරීක්ෂා කරගත හැකි.ජංගම දුරකථනය ලියාපදිංචි කර තිබේද නැද්ද යන්න පිළිබඳව එමගින් ක්ෂණික පිළිතුරු පණිවිඩයක් ලැබෙනු ඇත.