23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනව තාක්ෂණ විශ්ව විද්‍යාලයකට අනුමැතිය

නව තාක්ෂණ විශ්ව විද්‍යාලයකට අනුමැතිය

ඇමරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක සහාය ලබාගනිමින් නව විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එවැනි විශ්වවිද්‍යාලයක් හරහා අති නවීන ක්‍රමවේද උපයෝගී කරගැනීමට, ගෝලීය අධ්‍යයන සම්බන්ධතා පෝෂණය කිරීමට, පර්යේෂණ සහ සංවර්ධනය සඳහා මූලික පරිසරයක් ඇතිකිරීමට හැකියාවක් ලැබෙනු ඇති බවයි රජය අපේක්ෂා කරන්නේ.

UC Berkeley, UC Riverside, UC Davis, University of Michigan යන විශ්වවිද්‍යාල ඇතුළුව හඳුනාගනු ලබන විශ්වවිද්‍යාල කිහිපයක් අතුරින් එක් හවුල්කාරී විශ්වවිද්‍යාලයක් තෝරාගෙන එම විශ්වවිද්‍යාල සමග සහයෝගීතාවයෙන් යුතුව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් වශයෙන් යෝජිත නව විශ්ව විද්‍යාලය ස්ථාපිත කිරීමට නියමිත බව සඳහන්.

නව විද්‍යාත්මක සොයාගැනීම්, තාක්ෂණික නවෝත්පාදන සහ තිරසර සංවර්ධනය යන තීරණාත්මක අංශවල නායකත්වය දීමට දක්ෂ වෘත්තිකයින් පිරිසක් බිහි කිරීම සඳහා පදනම සකස් කිරීමේ අරමුණින් මෙම නව විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලය පිහිටුවීමට නියමිතව තිබෙනවා.