28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (09) පැවැත්වීමට නියමිතය.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අද (09) සිට 12 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර තිබෙනවා.

අද පෙරවරු 9.30 සිට – පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති අතර ඉන්පසු පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2355/30 දරන ගැසට් පත්‍රයේ සදහන් නියෝග සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත යටතේ අංක 2334/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) විවාදයට ගැනීමට නියමිතය.