26.1 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපේදුරුතුඩුවෙන් ගංජා තොගයක් අල්ලයි

පේදුරුතුඩුවෙන් ගංජා තොගයක් අල්ලයි

යාපනය පේදුරුතුඩුව, වල්ලිපුරම් වෙරළ සීමාවේ තිබී ඊයේ (08) අබින් කිලෝග්‍රෑම් 48 ක් හා කේරළ ගංජා කිලෝග්‍රෑම් 112 ක් සොයාගත් බව පේදුරුතුඩුව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ වල්ලිපුරම් වෙරළ සීමාවේ ස්ථානයක හා වෙරළට ආසන්න කැලෑ රොදක තිබී අදාළ අබින් තොගය හා කේරළ ගංජා තොගය සොයාගත් බවයි.

යුක්තිය මෙහෙයුම යටතේ සිදුකළ සෝදිසි මෙහෙයුම් හරහා අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකි වූ බවද පොලිසිය පැවසූහ.

වෙරළ සීමාවේ උර තුනක සඟවා තිබූ අබින් කිලෝග්‍රෑම් 48 ක් හා කේරළ ගංජා කිලෝග්‍රෑම් 28 ක් එක් ස්ථානයකින්ද, තවත් ස්ථානයක තිබි පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 84 ක්ද වශයෙන් අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව පොලිසිය පැවසූහ.

අත්අඩංගුවට ගත් අබින් තොගය රුපියල් කෝටි 85 ක පමණ වටිනාකමින් යුතු වන බවත් කේරළ ගංජා තොගය රුපියල් කෝටි දෙකක පමණ වටිනාකමින් යුතු වන බවද අනුමාන කරති.

සැකකරුවන් ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනැවිත් මෙරට ජාවාරම්කරුවන්ට ලබාදීමට සූදානම් කොට, සඟවා තිබු මත්ද්‍රව්‍ය තොගයක් එලෙස සොයාගැනීමට හැකිව තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් සොයා කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වන බවද පොලිසිය සඳහන් කළහ.

පේදුරුතුඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.