― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමන්ත්‍රී අසුනක් හිස් වූ බව මැතිවරණ කොමිසමට දන්වයි

මන්ත්‍රී අසුනක් හිස් වූ බව මැතිවරණ කොමිසමට දන්වයි

චමින්ද විජේසිරිගේ ඉල්ලා අස්වීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී තිබෙනවා.

බදුල්ල මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත භාරදුන් බවයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ.

චමින්ද විජේසිරිගේ ලිපියට අනුව ඉල්ලා අස්වීම 2024 ජනවාරි 09 වැනිදා සිට බලපැවැත්වෙන බව ද මහ ලේකම්වරිය දන්වා තිබෙනවා.

ඒ අනුව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව නවවැනි පාර්ලිමේන්තුවේ චමින්ද විජේසිරිගේ අසුන හිස්ව ඇති බවටයි මහ‍ලේකම්වරිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දන්වා ඇත්තේ.