25 C
Colombo
Sunday, October 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැණික් තොගයක් සමඟ චීන කතක් අල්ලයි

මැණික් තොගයක් සමඟ චීන කතක් අල්ලයි

රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂ තිස් හත්දහස් අටසිය අටක් වටිනා මැණික් ගල් 221 ක් නීතිවිරෝධී ලෙස චීනය වෙත රැගෙන යාමට තැත් කළ චීන ජාතික කාන්තාවක් ඊයේ (08) කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

32 හැවිරිදි මෙම චීන ජාතික කාන්තාව ඊයේ උදෑසන 09.45 ට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 044 දරන ගුවන් යානයෙන් මැලේසියාව හරහා චීනය වෙත යාම සදහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ලක් තුළ මෙම මැණික් කැට තොගය සගවා ගෙන සිටියදී කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සදහා ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වෙත මෙම චීන ජාතික කාන්තාව භාර දී තිබේ.

එහිදී ඇයට සිංහල හෝ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට නොහැකි වීම නිසා චීන භාෂා පරිවර්තකයෙකු සහ මෙම චීන කාන්තාවට මැණික් අලෙවි කළ දේශීය ව්‍යාපාරිකයන් දෙදෙනෙකුද ඊයේ දින රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ රේගු පරිශ්‍රය වෙත කැදවා තිබුණි.

කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් මෙම චීන ජාතික කාන්තාව අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.