32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsයාපනයේ මුහුදු තීරයට යළිත් අද්භූත වස්තුවක් ගොඩගසයි

යාපනයේ මුහුදු තීරයට යළිත් අද්භූත වස්තුවක් ගොඩගසයි

යාපනයේ, වඩමාරච්චි නැගෙනහිර මුහුදු තීරයට ඊයේ (08) දිනයේදීත් අද්භූත වස්තුවක් ගොඩගසා තිබෙනවා.

වඩමාරච්චි ධීවරයෝ පවසන්නේ මෙවර බුදු කුටියක් සහිත තෙප්පමක් ගොඩගසා ඇති බවත් එය ඉතා අලංකාර ලෙස සරසා ඇති අතර එහි බුදු පිළිමයක්ද තැන්පත් කොට තිබීම නිසා ඔවුන් ඊට බියක් දක්වා ඇති බවයි.

මීට පෙර්ද යාපනයේ වඩමාරච්චි මුහුදු තීරයට නොයෙක් ආකාරයේ අද්භූත වස්තූන ගොඩගසා තිබුණි.

මේ හේතුවෙන් වඩමාරච්චි ධීවරයෝ යාපනය විශ්ව විද්‍යාලයේ සමුද්‍රීය අංශයට යළි තොරතුරු ඉදිරිපත් කරමින් ඉල්ලීමක් කොට ඇත්තේ ඔවුන් මුලින්ම ප්‍රකාශ කළ පරිදි මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.