26.7 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් තවත් සැකකරුවන් 950ක් අල්ලයි

යුක්තියෙන් තවත් සැකකරුවන් 950ක් අල්ලයි

යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (08) සිට අද (09) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 950ක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් 42 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි.

මෙම විශේෂ මෙහෙයුමේදී පහත දැක්වෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී හෙරොයින් 296ග්, අයිස් 194ග්, ගංජා 117ක්ග් 421ග්, ගංජා පැල 41767ක්, අබිං 48ක්ග් 140ග්, මාවා 01ක්ග් 86ග්, තූල් 25ග්, මත්පෙති 223ක්, හෑෂ් 90ග්, මදන මෝදක ගුලි 77ග් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සිව්දෙනෙක් පිළිබඳව නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර තිබේ.

එසේම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 28 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්ය බළකාය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 68 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.