31.1 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentරිය අනතුරකින් විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ අනුරාධපුරය – හොරොව්පතාන පෞද්ගලික මගී බස් රථයක් මිහින්තලේ කන්නට්ටිය ප්‍රදේශයේදී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ යතුරුපැදියේ ගමන්ගත් අනුරාධපුර – කලත්තෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 61ක් හැවිරිදි විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයෙකි.

බස් රථයේ ගමන්ගත් මගීන් 04 දෙනෙකු හා බස් රථ රියදුරු තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.