27.2 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවාහන ආනයනය ගැන තීරණයක් ගෙන නැහැ

වාහන ආනයනය ගැන තීරණයක් ගෙන නැහැ

යළිත් වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් කිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය වාර්තාවල එංජින් ධාරිතාව 1000 ට අඩු වාහන ගෙන්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව සටහන් වූ නමුත් මේ තාක් ඒ සම්බන්ධයෙන් කිසිඳු සාකච්ඡාවක් සිදු කර නොමැති බවයි.

කෙසේනමුත් වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ මේ වසර තුළ වාහන ආනයනය සඳහා විකල්ප ක්‍රමයක් හෝ භාවිත නොකළ හොත් කර්මාන්තය බිඳ වැටෙන බවයි.