32.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැඩ වර්ජනයෙන් රෝහල් රැසක කටයුතුවලට බාධා

වැඩ වර්ජනයෙන් රෝහල් රැසක කටයුතුවලට බාධා

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් අද (09) ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක රෝගීන් දැඩි අපහසුතාවට ලක්ව තිබෙනවා,

අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් කොළඹ, මහනුවර, කළුතර, අනුරාධපුර ඇතුළු දිවයින පුරා රෝහල් වෙත ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටි බවයි.

වෛද්‍යවරුන්ගේ රාජකාරි දීමනා, පැමිණ සිටීමේ දීමනා හා ප්‍රවාහන දීමනාව රුපියල් 35,000 සිට රුපියල් 70,000ක් දක්වා ඉහළ දැමීමට ඊයේ (08) අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේය.

එම දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලමිනුයි පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් අද (09) උදෑසන 8 සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවේ.

ඒ සඳහා හෙද සංගම්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සියලු අතුරු වෛද්‍ය සේවා සංගම්ද එක්ව සිටී.