30 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසොරකමේ ගිය හමුදා සෙබළෙක් අත්අඩංගුවට

සොරකමේ ගිය හමුදා සෙබළෙක් අත්අඩංගුවට

දිවා කාලයේදී නිවසකට ඇතුළු වී මුදල් සහ අනුකරණ රන් පළදනාවක් සොරකම් කළ බව කියන යුධ හමුදා සෙබළෙකු පොල්පිතිගම පොලීසිය විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩවලව යාන්ත්‍රික ඉංජිනේරු බලකායට අනියුක්තව සේවය කරන සෙබළෙකි. ඔහු පොල්පිතිගම, තලාකොළවැව – හක්වටුනාව පදිංචිකරුවෙකි.

ඉකුත් 07 වැනිදා පෙරවරු 11.30 ට පමණ හක්වටුනාව ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් 12,400 ක මුදලක් සහ රුපියල් 3500 ක් වටිනා අනුකරණ රන් අත්පළදනාවක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොල්පිතිගම පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

එම පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ පොලීසිය සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව සැකකාර සෙබළා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබී නිවස බිඳ සොරකම් කරන ලද මුදල් වලින් රුපියල් 2000 ක මුදලක් තිබී ඇත.

සැකකාර යුධ හමුදා සෙබළා දින 07 ක කාලයක් සඳහා නිවාඩු ලබා ගෙන ඉකුත් 05 වැනිදා තම නිවසට පැමිණ සිටි අයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු මහව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පොල්පිතිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.